ශිෂ්‍යත්ව විභාගයට අත්වැලක්!

තම අධ්‍යාපන සිහිනය යථාර්ථයක් කර ගැනීමට වෙර දරන දැයේ ආදරණීය දූ දරුවන් හට, ඔවුන් හමුවේ පවතින දුෂ්කරතා සඳහා සවියක් වීමට, FLI Holdings ආයතනය මඟින් සෑම වසරක් පාසාම ක්‍රියාත්මක කෙරෙන සත්කාර ප්‍රජා සත්කාර වැඩසටහන් මාලාවේ නැණමග අධ්‍යාපනික වැඩසටහන මෙවරද අති සාර්ථක අන්දමින් පුත්තලම නගර සභා ශාලාවේ දී පසුගිය 09 වන දා පවත්වන ලදී.

ශිෂ්‍යත්ව විභාගයට අත්වැලක් සැපයීම සදහා ක්‍රියාත්මක කරන ලද මෙවර සම්මන්ත්‍රණය පුත්තලම නගර සභාවට ඇතුළත්,

1.⁠ ⁠කට්ටකඩුව සිංහල විදුහල

2.⁠ ⁠කඩයමට්ට සිංහල විදුහල

3.⁠ ⁠මරිච්චිකට්ටුව විදුහල

4.⁠ ⁠වේලාසීය විදුහල

5.⁠ ⁠ආමකුලිය විදුහල

6.⁠ ⁠පොත්තුවිල්ලුව විදුහල

7.⁠ ⁠මධ්‍යම අට්ටවිල්ලුව විදුහල

8.⁠ ⁠පාලවිය සිංහල විදුහල

9.⁠ ⁠මේධානන්ද විදුහල

10.⁠ ⁠එත්තලය විදුහල

යන පාසල් කේන්ද්‍ර කර ගනිමින් සිසු දරු දැරියන් 300ක සහභාගිත්වයෙන් පැවැත්වුණු අතර, දිවයිනේ ප්‍රවීන දේශකවරයෙකු වන ක්‍රිෂාන්ත අබේරත්න මහතා විසින් එය මෙහෙයවන ලදී.

සහභාගී වූ සෑම දූ දරුවෙකු සඳහාම පහසුකම් සැලසීමට මෙන්ම, ත්‍යාග, සහතික සහ පදක්කම් ලබා දෙමින් ඔවුන්ව දිරිමත් කිරීමටත් අපි අමතක නොකළෙමු.

දේශයේ ජීවනාලිය වන දූ දරුවන්ගේ අධ්‍යාපනික නිපුණතා ගොඩනංවමින්, අනාගතය දිනන්නට අත්වැල් සැපයීමේ මහඟු කර්තව්‍යය උදෙසා කැපවන FLI “නැණමග” මීළඟ පියවරෙන් නැවත හමුවෙමු.

Share