FLi නැණමග – ශිෂ්‍යත්ව විභාගයට අත්වැලක් – දෙවැනි අදියර 2024

තම අධ්‍යාපන සිහිනය යථාර්ථයක් කර ගැනීමට වෙර දරන දැයේ ආදරණීය දූ දරුවන් හට, ඔවුන් හමුවේ පවතින දුෂ්කරතා සඳහා සවියක් වීමට, FLi Holdings ආයතනය මඟින් සෑම වසරක් පාසාම ක්‍රියාත්මක කෙරෙන සත්කාර ප්‍රජා සත්කාර වැඩසටහන් මාලාවේ FLi නැණමග අධ්‍යාපනික වැඩසටහන මෙවරද අති සාර්ථක අන්දමින් පුත්තලම නගර සභා ශාලාවේ දී පසුගිය 09 වන දා පවත්වන ලදී.

ශිෂ්‍යත්ව විභාගයට අත්වැලක් සැපයීම සදහා පෙර සිදු කරනු ලැබූ වැඩසටහන් තුළින් පිබිදුනු කලාප ප්‍රාථමික අංශභාර ගුරුතුමියගේ ඉල්ලිම පරිදි, දකුණු කොට්ඨාශය මුලික කරගනිමින්, ඉතාමත් දුෂ්කර පාසැල් වල ළමුන් 370 ප්‍රමාණයක් සහභාගී කර ගනිමින්,

මෙවර ක්‍රියාත්මක කරන ලද සම්මන්ත්‍රණය පුත්තලම නගර සභාවට ඇතුළත්,

පු /විද්‍යාචක්‍රවර්තී ම.වි.

පු /ගලවැව ම.වි

පු/ අලුත්ගම ම.වි

පු /D.S.සේනානායක ම.වි

පු /කුබුක්වැව ක.වි

පු/ මූණමල්ගස්වැව ක.වි

පු /වීරපුර ප්‍රා.වි

පු /සිද්ධාර්ථ ප්‍රා.වි

පු /නීලබැම්ම ප්‍රා.වි

පු /පහරිය ක.වි

පු /විද්‍යාරාජ ප්‍රා.වි

පු /රඹාවැව ප්‍රා.වි

පු/පහළ පුලියමන්කුලම ප්‍රා.වි

යන පාසල් කේන්ද්‍ර කර ගනිමින් සිසු දරු දැරියන් 300ක සහභාගිත්වයෙන් පැවැත්වුණු අතර, දිවයිනේ ප්‍රවීන දේශකවරයෙකු වන ක්‍රිෂාන්ත අබේරත්න මහතා විසින් එය මෙහෙයවන ලදී.

සහභාගී වූ සෑම දූ දරුවෙකු සඳහාම පහසුකම් සැලසීමට මෙන්ම, ත්‍යාග, සහතික සහ පදක්කම් ලබා දෙමින් ඔවුන්ව දිරිමත් කිරීමටත් අපි අමතක නොකළෙමු.

දේශයේ ජීවනාලිය වන දූ දරුවන්ගේ අධ්‍යාපනික නිපුණතා ගොඩනංවමින්, අනාගතය දිනන්නට අත්වැල් සැපයීමේ මහඟු කර්තව්‍යය උදෙසා කැපවන FLI “නැණමග” මීළඟ පියවරෙන් නැවත හමුවෙමු.

Share