“FLi සත්කාර” මිනුවන්ගොඩට…

හදවතින් ලස්සන දු-දරුවන්ගෙන් පිරි මිනුවන්ගොඩ වේරගොඩමුල්ල මහා විද්‍යාලයීය සැම දෙනාටම, සතුට පිරි දවසක් – බලාපොරොත්තු ඉටුවූ උදෑසනක් බවට අද පත්වුනා. FLi ආයතනයේ “FLi සත්කාර” ව්‍යාපෘතිය යටතේ මූල්‍ය දායකත්වයෙන් සහ පාසැලේ දෙමව්පියන්ගේ ශ්‍රම දායකත්වයෙන්, පාසැලේ ප්‍රධාන ශාලාව ප්‍රතිසංස්කරණය කොට “ශ්‍රම සත්කාර” වැඩසටහන් මඟින් සිසු අයිතියට පිරිනැමූ වගයි!

මේ අවස්ථාව සඳහා ගරුතර සංඝ රත්නය, FLi ආයතනයේ අධ්‍යක්ෂක මඩුල්ල ඇතුළු සේවක පිරිස, කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරින්, ගරු විදුහල්පතිතුමන් ඇතුළු ගුරු මහත්ම – මහත්මීන්, දයාබර දෙමව්පියන් ද සහභාගී විය. මෙහිදී, පාසැල් දරුවන් විසින් ආරාධිත පිරිස ඉතාමත් හරසරින් පිළිගත් අතර, දේශන හා විශේෂාංග රැසක් සමඟ ඉතාමත් විචිත්‍රවත් උළෙලක් එම ප්‍රධාන ශාලාවේදීම පැවැත්වීම සුවිශේෂී විය.

“FLI සත්කාර” මතු පරපුරක උන්නතිය උදෙසා…

Share

Newsletter