ලෝකයේ මේ වන විට පස්වන තැනට ලමා මන්ද පෝෂණයට ලක් වී ඇති රට ශ්‍රී ලංකාව වන අතර ආසියානු කලාපයේ දෙවෙනි තැනට මන්ද පෝෂණයෙන් දරුවන් පෙලෙන්නේ ශ්‍රී ලංකාවේ බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව වාර්ථා අනූව හෙලිවේ.
මෙම තත්වය සමාජ වගකීමක් ලෙස ගෙන FLi අපි අඩු ආදායම් ලාභී අඩු බර දරුවන්ට පෝෂණ මලු ප්‍රධානයක් පසුගියදා ඇරඹුවා…
ඒ අනුව, එහි තුන්වෙනි සංකේතාත්මක පෝෂණ මලු ප්‍රධානය පසුගිය දා හලාවත FLi ශාඛාව විසින් සංවිධානය කරනු ලැබුවා.
ප්‍රදේශිය වෛද්‍ය නිලධාරින්ගේ සහ පවුල් සෞඛ්‍ය සේවානිළධාරිනියන්ගේ උපදෙස් මත තෝරා ගැනුනු ඌන පෝෂිත දරුවන් 45 දෙනෙකුට මෙහිදී මාස හයක් පුරා පෝෂණ මලු ප්‍රධානය කල අතර මෙම අවස්ථාවට හලාවත ගරු නගරාධිපති තුමා, ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරී තුමිය සහ පවුල් සෞඛ්‍ය සේවානිලධාරීතුමියන්ලාද සහභාගී වූ අතර FLi අධ්‍යක්ෂක කසුන් පෙරේරා මහතා / නිලධාරීන් සහ ප්‍රදෙශයේ විද්වතුන් බොහෝ පිරිසක් සහභාගී උනා.











































































