දැයේ දරුවන්ගේ නැණ පහන් ආලෝකමත් කිරීමට FLi සත්කාර ගම්පහට…

ලෝකයම එකම විශ්ව ගම්මානයක් වී හමාරයි… රටක් ලෙස ඉදිරියට යන්නට නම් අපේ රටේ පාසල් පද්ධතිය තාක්ෂණයෙන් සවිබල ගැන්වීම අත්‍යාවශ්‍ය සාධකයක් බව FLi අපගේ විශ්වාසයයි. ඒ විශ්වාසය සැබෑවක් කරන්නට ගම්පහ මිනුවන්ගොඩ සියඹලාපිටිය ප්‍රාථමික විද්‍යාලය සඳහා 32″ ප්‍රමාණයේ පරිගණක මොනිටරයක්, UPS power saver උපකරණයක් සහ පාසල් උදෑසන රැස්වීම සහ අනෙකුත් වැඩසටහන් පැවැත්වීමට අවශ්‍ය කරන නැවත ආරෝපණය කළ හැකි ඇමතුම් උපකරණයක්, අප විසින් පරිත්‍යාග කරන ලදී.

එමෙන්ම විවෘතව පවතින කසල බදුන් වර්ෂාවෙන් ආරක්ෂා කිරීම සඳහා කසල බදුන් හතරක් තැබිය හැකි වහලය සහිත ආධාරකයක් ද මෙම පාසල සඳහා අපගේ දායකත්වයක් ලෙස පරිත්‍යාග කෙරුනා.

Share

Newsletter