අනුරාධපුර හා ත්‍රිකුණාමළය දිස්ත්‍රික්ක දෙකටම මායිම්ව මුලතිව් මැතිවරණ කොඨඨාශයේ කාගෙත් අවධානයට ලක් නොවූ, ලක්විය යුතු දළුග්ගල මහා විද්‍යාලයට FLi සත්කාර මෙහෙවරෙහි දෑත දිගු විය….

අපොස සමාන්‍ය පෙල හා පහ වසර ශිෂ්‍යත්ව විභාග වලින් 100% සමත්වීමේ ප්‍රතිශතයක් වාර්තා කර ඇති මෙම විද්‍යාලයේ දුවා දරුවන් ඉතාමත් දුශ්කර හා අඩු පහසුකම් යටතේ සිය අධ්‍යයන කටයුතු කරගෙන යන ආකාරය FLi සත්කාර කන්ඩායම දැනගනුලැබීමෙන් පසුව පිළියන්දල අමිතඝොශ හිමියන්ගේද අනුශාසනා හා මගපෙන්වීම යටතේ විදුහලේ ඉගැනුම ලබන සිසු සිසුවියන් දෙසිය හතලිස් තුන්දෙනකුට [243] පාසල් නිල ඇදුම් ද ඇතුලුව ඔවුනට අවශ්‍ය පාසල් උපකරණ ලබා දී මට කටයුතු කරන ලදී.

තව ඉදිරියේදී දළුග්ගල විදුහලේ දරුවන්ගේ ඉල්ලීමක් වු පුස්තකාලයක සිහිනය සැබෑවක් කරන අනාගත අරමුණ ඇතිව…

Share

Newsletter