“FLi සත්කාර” මාතරට…

පසුගිය සති කිහිපය තුලදී මාතර ප්‍රදේශයට ඇතිවූ ගංවතුර ආපදා තත්ත්වය තුලින් පීඩාවට පත් අපගේ ගනුදෙනුකාර භවතුන් 550 දෙනෙකු සඳහා එක් ගනුදෙණුකරුවකු සඳහා රුපියල් 3000කට ආසන්න මුදලක් වැය කරමින්, එක් ඉල්ලීමකින් මිලියන 1.5 කට අධික පිරිවැයක් දරමින් FLi Trading හරහා අවශ්‍ය සියලු දේ අප ඉල්ලීම් කල ආකාරයෙන්ම ලබා දුන් හා ඒ සඳහා දායකත්වය ලබා දුන් සියලුම දෙනා හට මින් ස්තූතිය පුද කර සිටින්නෙමු.

තවද මේ හරහා ගංවතුර නිසා ඉතාම අසරණව සිටි අපගේ ගණුදෙනුකරුවන් හට මේ සිදු කරන ලද වැඩසටහන ඉතාම අස්වැසිල්ලක් විය.

ඒ බව ආධාර මළු අප බෙදා දෙන අවස්තාවේදී අපහට ගනුදෙනුකරුවන් දැක්වූ ඔවුන්ගේ අදහස් මගින් දැනගන්නට ලැබිනි.

ඒ අනුව, මේ සඳහා අපට ඉතා ඕනෑකමින් සහයෝගය දැක්වූ හා මැදිහත් වූ

අප ආයතන ප්‍රධානී ධනුශ්ක උඩුගම මහතා

ජනක කුමාර මහතා, පියල් සල්වතුර, මහතා හංස මහතා, අංජන මහතා, රජිත උඩගෙදර මහතා, මාලිංග ප්‍රනාන්දු මහතා, රුවනිකා මුණසිංහ මෙනවිය මාතර ශාඛාව, කරාපිටිය ශාඛාවේ දිල්ශාන් මහතාට ඇතුළු සහය දැක්වූ සියළු දෙනාට අප ස්තූති වන්ත වෙමු.

තවද… FLi Trading ආයතනයේ රියදුරු චනක මහතා හා සහයක අසිත මහතාටත් දිවා රාත්‍රී නොබලා ලබාදුන් සහයෝගය වෙනුවෙන් විශේෂ ස්තූතිය පුද කර සිටිමු.

භාණ්ඩ බෙදා දීම අතරතුර අප ලබා ගත් චායාරූප කිහිපයක් පහතින් වේ.

Share

Newsletter