ඌණපෝෂණයෙන් පෙලෙන වයස අවුරුදු පහට අඩු දරුවන් හතළිස් පස් දෙනෙකුට මාස හයක් වියලි ආහාර මලු පරිත්‍යාග කිරීම ආරම්භය.

ආසියාවේ ධාන්‍යාගාරය වෙලා තිබුණු අපේ පුංචි රට, අද ළමා මන්දපෝෂණයෙන් දකුණු ආසියාවේ දෙවැනි තැනට පත්වෙලා. UNICEF කියනවා ලංකාවේ පුංචි ළමයි මිලියන 1.7 ක් මේ තර්ජනයට අහු වෙලා කියලා. සෑම පවුල් 10 කින් 7 ක්ම දරුවන්ගෙ ආහාර දවසකට එක වේලකට සීමා කරලා..

මේ තමයි රටේ ආර්ථික පසුබෑම අපිට දීපු අමිහිරි දායාද.

හැබැයි අමතක කරන්න එපා..අපි ලෝකෙටම කන්න දීපු ජාතියක් !

අපි කොහොමහරි අමාරුවෙන් ආයෙත් නැගිටිමු.

කුසගින්නෙ අඬන පුංචි දරුවන්ගේ බඩ කට පුරවමු.

අවවාදයට වඩා ආදර්ශය උතුම් !

මතු පරපුරේ උන්නතිය උදෙසා නිතර කැපවෙන අපිට, මේ අවශ්‍යතාවය තදින්ම දැනුනා.අපි ඇලහැර ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශය ආවරණය වන පරිදි ඌණපෝෂණයෙන් පෙලෙන වයස අවුරුදු පහට අඩු දරුවන් හතළිස් පස් දෙනෙකුට වියලි ආහාර මල්ලක් පරිත්‍යාග කරන්න කටයුතු කලා.

මේ උතුම් කර්තව්‍යය සංවිධානය කළේ අප FLi බකමූන ශාඛාවේ කලමණාකර තුමන් වන සරත් කුමාර මහතා ප්‍රමුඛ අපේ සහෝදරයො ටික.

මේ වැඩේ මෙතනින් නවතින්නෙ නෑ..

අපේ FLi ශාඛා ජාලය ප්‍රදේශ 33 කම ව්‍යාප්තයි. ඉතින්,අපි අපේ හැම ශාඛාවකින්ම මේ ව්‍යාපෘතිය ඉදිරියටම අරගෙන යන්න දැනටමත් සැලසුම් කරල හමාරයි..

ඔව්.. අපි දන්නවා..ඔබටත් පුංචි දරුවකුගෙ කුසගින්න දැනෙනවා..ඒ නිසා එන්න අපි එක්ක එකතු වෙමු..රටක් විදිහට එකතු වෙලා අපිට පුලුවන් දේ අපි වෙනුවෙන් කරමු.

Share

Newsletter