FLi සත්කාර අප හට අද ලෝක ළමා දිනය සමරනු වස්, නිකවැරටිය ඉතෑව මහා විද්‍යාලයේ දූ දරුවන් සමග ඉතා ප්‍රීතිමත් හෝරා කිහිපයක් ගතකිරීමට අවස්ථාව උදා විය.

ඔවුන්ගේ ප්‍රමුඛ අවශ්‍යතාවයක්ව පැවති පිරිසිදු පානීය ජල ගැටලුවටද ස්ථිර විසදුමක් ලෙස ජළ පිරිපහදු යන්ත්‍රයක්ද ඔවුනට ලබාදීමට අපට හැකිවිය. මෙහි දී අප හා එක්වූ කදුලකට සෙනෙහසින් කණ්ඩායමේ සොයුරන් විසින් පවත්වන්නට යෙදුනු ළමා ක්‍රියාකාරකම්ද සමග හැඩ වූ එම අවස්ථාව සැබවින්ම එම විදුහලේ දුවා දරුවන්ට සොදුරු මෙන්ම රසවත් ළමා දින අත්දැකීමක් වු බව FLi සත්කාර අපගේ විශ්වාසයයි…

Share

Newsletter